කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල ප්රදේශය් කාන්තාවක තම සැමියා ඝාතනය කොට පොලීසියට පැමිණ භාරවී ඇති බව පොලීසිය කියයි.
කුඩා දරුවන් දෙදෙනෙකුගේ මවක් වන එම කාන්තාවත් දරු දෙදෙනාටත් බීමතින් පැමිණෙන සැමියා ගෙන් සිදුවන පහර දීම් ඇතුළු අඩන්තෙට්ටම් ඉවසා ගැනීමට නොහැකිව සැමියා නිදා ගැනීමෙන් පසු සැමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
දිගු කලකට පසු ඉකුත් විසිවැනි දා සුරාසල් ඇරුණු දිනයේ රාත්රියේ අධික බීමතින් පැමිණ ඇති එම පුද්ගලයා ඔහු ගේ භාර්යාව සමඟ කලහකාරී ලෙස හැසිරී තිබේ.
අත් අඩංගුවට පත් කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ෙකුඩා දරුවන් දෙදෙනා මිත්තණිය භාරයට පත් කොට තිබේ.
ෂේන් සෙනෙවිරත්න