අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවති ඉකුත් දිනවලදී වෙනත් පුද්ගලයින් වෙනුවෙන් එම විභාගයට පෙනී සිටි සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඊයේ පැවති රුසියානු භාෂා විභාගය සඳහා වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටි අයෙකු බලංගොඩ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකදී අත්අඩංගුවට ගත් බවයි.