සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව නිරෝගී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථය බවත් රටේ සෑම ප්රදේශයකටම සමාන ප්රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නඟන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේය.
ඊයේ (07) පස්වරුවේ මහනුවර වෛද්‍ය සංගමයේ 43වන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස ඒක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
දිර්ඝ කාලික ගැටලු හදුනාගනිමින් ඊට විසදුම් සෙවිමට වෛද්‍යවරුන්ගෙන් සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගෙන් සමන්විත පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමඟ ඒක්ව කටයුතු කිරිම අත්‍යාවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.