සමෘද්ධි ලාභීන්ට කිසිදු පොලියක් නොමැතිව රුපියල් 10000ක සහන ණයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණය ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාතය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
මෙම ණය ආපසු ගෙවීම සඳහා මාස 6ක සහන කාලයක් ලැබෙන අතර ඉන් අනතුරුව මාස 18කදී ණය අයකර ගැනීමට නියමිතය.
ලක්ෂ 25ක් වන සමෘද්ධි ලාභීන්ට මෙම ප්‍රතිලාභය හිමි බවත් ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරි සම්බන්ධ කර ගැනීමෙන් මෙම ණය ගෙදරටම ලබාගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය.