කොවිඩ් -19 ආසාදිත කාර්ය මණ්ඩල සාමාජිකයාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බව හයිඩ්‍රාමනී කළමනාකාරිත්වය සඳහන් කරයි.
ආසාදිතයා සමීපව ඇසුරු කළ 250 කට අධික පිරිසක් ඔක්තෝබර් 18 දින පරීක්ෂාවට ලක්කරන ලදි. මේ අතරින් කිසිදු පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවත් ඔවුන් පවසයි.
සිය සියලුම කර්මාන්තශාලා තුළ වෛරසය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන බවත් සියලුම මාර්ගෝපදේශ, විධිවිධාන හා ක්‍රියාපටිපාටි වලට අනුකූලව කටයුතු කරන බවද ඔවුන් පවසයි.
ආසාදිත පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් සියලුම දෙනාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බවත් ආයතනය වැඩිදුරටත් පවසයි.