සමාජ මාධ්‍ය හරහා කාන්තා ප්‍රතිරූපයට හානි කරන්නන් එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක, ජාතික ආරක්ෂාව හා ආපදා කළමනාකරණය අමාත්‍යාංශ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්ෂේත්රය තුළ කාන්තා දායකත්වය ඇගයීම වෙනුවෙන් කොළඹදී අද පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
කාන්තාව ආර්ථිකයට පමණක් නොව ජාතික ාරක්ෂාව හා සමාජ ආරක්ෂාවට ශක්තිමත් දායකත්වයක් ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.