සාමජ මාධ්‍ය තහනම් කර ඇතැයි සමාජ මාධ්‍ය තුළින්ම දැනුවත් කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
මීගමුවේදි ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් සමාජ මාධ්‍ය තහනම් කිරිමට රජය කටයුතු කළ නමුත් පැය කිහිපයක් තුළ එය ඉවත් කළේය.
ඉන් අනතුරුව නැවතත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරිම පිළිබඳව ස්තූතිය ප්‍රකාශ කරන බවත් ජනපති හා අගමැතිගේ යහපාලනය අගය කරන බවත්ය.