සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන අය පිළිබඳව තීරණය කිරීම වෙනුවෙන් එම පක්ෂයේ රැස්විමක් ඉදිරි පැය කිහිපයේදී පැවැත්විමට නියමිත බව සමගි ජන බලවේගයේ මනෝ ගනේෂන් පවත්වයි.
සමගි ජන බලවේගය සමග ගිවිසුම්ගතව ඇති ද්‍රවිඩ ප්රගතිශීලී පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයක පක්ෂ නායකයන් ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතය.