සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව තේරීම අර්බුදයක
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් එම පක්ෂය තුළ අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර 7ක් හිමිව තිබේ. ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව පැවැති සාකච්ඡාද අසාර්ථක වී තිබේ.
මෙම ගැටලුව විසඳාගැනීම වෙනුවෙන් හෙට දිනය තුළ අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර යම් හෙයකින් එහිදි අවසන් තීරණයක් ගැනීමට නොහැකිවුවහොත් එහි හවුල්කාර පක්ෂ තුනක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට දන්වා තිබේ.
මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමෙන් සටහනක් තබන හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ ජාතික ලැයිස්තුවත් සම් සෙල්ලම් නොකරන ලෙසයි.
එම පක්ෂය විසින් පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තුව පත් නොකරන්නේ නම් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්රගිතිශීලී පෙරමුණ හා සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂයන්ට හිමි මන්ත්‍රීවරු 15 දෙනා පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙනු ඇති බවයි.
මේ පිළිබඳව සාකච්ඡාවක් ඊයේ රාත්‍රි යේ පවත්වා ඇති අතර අවසන් තීරණය ගැනීමට සඳුදා තෙක් පමණක් කල් දී ඇති බවද මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

