රජයේ සමගිය බිඳ දමන පුද්ගලයන් පිළිබඳව ඉදියේදී හෙළි කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.මිනුවන්ගොඩ,හොරම්පැල්ල ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බ ප්‍රකාශ කළේය.
“අපි ජනාධිපති ධුරයට සහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළේ හොඳ නායකයන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාගේ ළඟ සිටින අය ප්‍රශ්න ඇති කරනවා. ඔළුවේ ඉන්න මැක්කෝ වගේ නායකයන් දෙදෙනාගේ ඔළු කන මිනිසුන් ඉන්නවා.
ජනවාරි 08 විප්ලවය විනාශ කරන්න හදනවා. අපි එම විප්ලවය කළේ ජීවිත පරදුවට තබමින්. නායකයන්ටත් එය අමතක ඇති. රජයේ සමගිය කඩන අය ද්‍රෝහීන්. තව ටික දවසක් බලා එම ද්‍රෝහීන් මම නම් කරනවා. සුදුහුණුගාන අයත් ඉන්නවා. බත්බැලයොත් ඉන්නවා"