එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් නිලධාරීන් නැවත මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකායේ යුද හමුදාපති ලෙස පත්කිරීමේ ගැටලුකාරී තත්තවයක් හේතුවෙන් ශ්‍රී ලංකාව සාම සාධක මෙහෙයුම්වලින් ඉවත් කිරීමට තීරණය කළ බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ඊයේ (25දා) සඳහන් කළේය.
ශ්‍රී ලංකා රජය මෙම කරුණ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් එක්සත් ජාතීන්ගේ 74 වන මහා සභා සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමේ නායකත්වය උසුළන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමඟ හෙට (27දා) මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.