ඊයේ (24) දින දික්ඕවිට ධීවර වරායෙන් ඇරඹු ලංකා ධීවර සංස්ථාව විසින් බෝට්ටු හිමියන්ගෙන් මාළුමිලදී ගැනීමේ ව්‍යාපෘතියට සමගාමීව ලංකාවේ අනෙකුත් සියලුම ධීවර වරායන් වලට පැමිණ තිබෙන බෝට්ටු වලින් මාළු මිළදී ගැනීමේ කටයුතු ඉදිරි දින දෙක තුන තුළදී ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
ධීවර සංස්ථාව මගින් උපරිම ආරකාරයෙන් මාළු මිලදී ගැනීමට කටයුතු කරද්දී සමහර ආණ්ඩු විරෝධී දේශපාලනඥයින්ගේ මග පෙන්වීම මත ධීවර සංගම් වල නියෝජිතයින් යැයි ප්‍රකාශ කරන පුද්ගලයින් විසින් විවිධ අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කරමින් සිටී.
වරායන් වලට බෝට්ටු මගින් ගෙන එන මාළු කුණු වී නැවත මුහුදට විසිකරන තත්ත්වයක් ඇති වී තිබෙන බවට විවිධ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන නමුත් එවැන්නකට රජය කිසිසේත් ඉඩ නොතබන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
එම නිසා මෙවැනි අසත්‍ය ප්රකාශයන්ට නොරැවටෙන ලෙසත් ධීවර රැකියාවේ නියැලෙන්නා වු ධිවර ජනතාවට පවසා සිටින්නේ ඉතා ඉක්මණින් සිය මාළු මිලදී ගැනීමට ධීවර සංස්ථාව විසින් උපරිම මට්ටමින් කටයුතු කරන බවත් ඒ සදහා සුදුසු වැඩ පිළිවෙලක් හැකි ඉක්මනින් ජනාධිපති තුමා හා අග්‍රාමාත්‍යතුමන් සමග සාකච්ඡා කර ගොඩනැගීමට කටයුතු කරන බවත්ය.
මේ පිළිබඳව දැඩි වගකීමකින් යුතුව ධීවර අමාත්‍යාංශය කටයුතු කරන බවද රටම මුහුණ දී ඇති බැරෑරුම් තත්ත්වයේදී වුවද ධීවර අමාත්‍යාංශය සිය වගකීම පැහැර නොහරින බව සමස්ත ජනතාවට සහ විශේෂයෙන් ධීවර ප්‍රජාවට දන්වා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.