දිවයිනේ සෑම දුම්රිය ස්ථානයකම මෙන්ම ලංගම හා පෞද්ගලික සියලු බස් රථ නැවතුම්පොළවල මගී ජනතාවට දෑත් සෝදා ගැනීමේ පහසුකම් පුලුල් කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
දැනට කොළඹ දුම්රිය ස්ථානයේ හා කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ නැවතුම්පොළෙහි මෙන්ම කොළඹ ලංගම බස් නැවතුම්පොළේ ද මගී ජනතාව කොරෝනා වෛරස් ආසාදනයෙන් ගලවා ගැනීම සඳහා ඔවුන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් සපයා තිබේ.
මෙම වැඩ පිළිවෙළ තවත් පුලුල් කරමින් දිවයිනේ සෑම දුම්රිය පොළකම, මෙන්ම බස් නැවතුම්පොළවල ද මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් සපයන්නැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (15දා) පෙරවරුවේ අදාළ බලධාරින්ට උපදෙස් දුන්නේය.
බස් රථයට හෝ දුම්රියට නැගීමට පෙර දෑත් සෝදා ගැනීමත්, බස් රථයෙන් හෝ දුම්රියෙන් බසින විට එම දුම්රිය පොළවළ හා බස් රථ නැවතුම්පොලවළ දී තම දෑත් පිරිසිදු කර ගැනීමත් සිදු කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මගි ජනතාවගෙන් ඉල්ලා සිටියි.