පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ සෑම ජන්ද මධ්‍යස්ථානයකම නිරෝධායන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නිසි අයුරින් සිදු කෙරෙනවා ද යන්න සොයා බැලීම සදහා පවුල් සෞඛ්‍ය සේවිකාවක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් යොදවන බව කලුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය
ඡන්ද දායකයින් මීටරයක දුරකින් සිටීම ,මුඛ ආවරණ පැළඳීම ,පෑනක් රැගෙන ඒම හා ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වීමේදී සහ පිට වීමේදී විෂබීජ නාශක දියර යොදා අත් සේදීම ආදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයන් එම නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ව සොයා බලන බව අධ්යක්ෂවරයා කීය
ඒ ඒ ප්‍රදේශ වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් එම කටයුතු අධීක්ෂණය කරනු ලබන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය
බිමල් ෂ්යාරමන් ජයසිංහ