ගෘහ ආර්ථිකය නගා සිටුවා එය ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ ක්‍රියාවලියේ මුල් පියවර තබමින් දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500 ක් ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) අනුරාධපුරයේදී සිදු කෙරිණී.
අනුරාධපුර,ඇලයාපත්තුව, පූසියම්කුලම ප්‍රදේශයේදී මල් හා විසිතුරු පැළ වගා කිරීමේ ගම්මානය ආරම්භ කරමින් මෙම වැඩසටහනට මුල පියවර තැබිණි.
මීට අමතරව අනුරාධපුර පහළගම ප්‍රදේශයේ කම්හල් කර්මාන්ත නිෂ්පාදන ගම්මානයක් සහ තන්තිරිමලේ බිල්ලෑව ප්‍රදේශයේ පළතුරු ගම්මානයක්ද මේ යටතේ ආරම්භ කෙරිණි.
2021 අයවැය මගින් වෙන් වූ මුදලින් සෑම දිස්ත්‍රිකයක්ම ආවරණය වන පරිදි දීප ව්‍යාප්තව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
සමාරම්භක උත්සවයේ දී අදහස් දැක්වු රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා,
අපි නිෂ්පාදන ගම්මාන 500 ක් ශ්‍රී ලංකාව පුරා ආරම්භ කරනවා. මේ වසරේ ආරම්භ කරලා අවසන් කරන්න මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. මේ සතියේ අපි සෑම දිස්ත්‍රික්කයකම සෞභාග්‍යා සතියට සමගාමීව නිෂ්පාදන ගම්මාන අඩුම ගානේ 02 ක් වත් වැඩ ආරම්භ කරනවා. ඊට සමගාමීව සෞභාග්‍යා සතිය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. ඒ ගම්මාන තුල විවිධ නිෂ්පාදන කරලා ගෘහ ආර්ථිකය නගා සිටුවලා රටේ ආර්ථිකයට දායක වෙන්න අපි බලාපොරොත්තු වෙනවා යැයි සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැතිශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.