2020 වර්ෂයේ ජූලි මස 13 දින සිට 23 දින දක්වා කාලය තුළදී සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර II සහ අදියර III යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එවන ලද ණය අයදුම්පත් 3,985ක් සඳහා රුපියල් මිලියන 11,829ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී.
ඉහත සඳහන් නව අනුමත කිරීම් සමඟ, 2020 වර්ෂයේ ජූලි මස 23 වන දින වන විට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන පහසුකම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති මුළු ණය අයදුම්පත් සංඛ්‍යාව 26,291 දක්වා ඉහළ යන ලදී. එසේම, 2020 වර්ෂයේ ජූලි මස 23 වන දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද මුළු ණය ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් මිලියන 72,079 දක්වා ඉහළ ගොස් තිබේ. 2020 වර්ෂයේ ජූලි මස 23 වන දින වන විට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින ප්‍රතිලාභීන් 18,007ක් අතරේ රුපියල් මිලියන 45,777ක් මුදා හැර ඇත.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළු සියළු ව්‍යාපාර සඳහා, වාර්ෂිකව 4%ක පොලී අනුපාතයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුලත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව මෙම පහසුකම අදියර තුනක් යටතේ හඳුන්වා දී ඇත.
ණය යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ප්රතිමූල්ය පහසුකම් සපයනු ලබයි. ණය යෝජනා ක්රමයේ දෙවන අදියර යටතේ, මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද ඇප සුරැකුම් වලට අදාළව සියයට 1ක පොලී අනුපාතිකයකට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ප්රතිමූල්ය පහසුකම ලබාදෙනු ලබයි.
ණය යෝජනා ක්රමයෙහි තුන්වන අදියර යටතේ, ව්‍යාපාර සහ/හෝ පුද්ගලයන්ට ණය ලබාදීම සඳහා සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ඔවුන්ගේම අරමුදල් භාවිතා කළ යුතු අතර, සහභාගීත්ව මූල්‍ය ආයතනයන් වෙත ඇතිවන ණය අවදානම සහ අරමුදල් පිරිවැය පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදී ඇති ණය සඳහා සියයට 50 සිට සියයට 80 දක්වා ණය ඇපකරයක් සහ සියයට 5ක වාර්ෂික පොලී සහනාධාරයක් ලබාදෙනු ලබයි.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට ඉහත ණය යෝජනා ක්‍රමය යටතේ තම ණය අයදුම්පත් 2020 අගෝස්තු මස 31 දිනට පෙර අදාල බැංකුවලට භාරදිය හැකිය.