සභාග ආණ්ඩුවක් ගැන අවධානය යොමුකර නැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපකෂයේ සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් හමුවේ ඊයේ (09දා) පවසා තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතාගේ නාරාහේන්පිට නීවසේ ඊයේ රාත්රියේ පැවැති සුහද හමුවකදී හීටපු ජනපතිවරයා මේ බව ප්රකාශ කර තිබේ.
මුල සිට ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් පහණක් සහභාගි වූ මෙම සුහද හමුවට පැමිණි මන්ත්රීවරුන් සභාග ආණ්ඩුවක් පිහිටුවන්නේදැයි හිටපු ජනපතිවරයාගෙන් විමසා සිට අවස්ථාවේසී මෙම පිළිතුර ලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්රී ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.