වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුක්තව සිට මධ්‍යම පළාතට පැමිණි සෙබළුන් 123 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් අතරින් පස් දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී තිබෙන බවත් කොවිඩ්-19 ආසාධිතයින් ලෙස හඳුනාගත් සියලු දෙනා අයි.ඩී.එච් රෝහලට යොමු කළ බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.
පේරාදෙණිය රෝහලේ අද (27) පැවැති මාධ්‍ය සාඛච්චාවකදී ඔහු මේ බව පැවැසිය.
නාවික හමුදා සෙබලුන් නිවාඩු ලබා පැමිණ සිටින ප්රෙද්ස තුළ ජනතාව ඒ සම්බන්ධව කිසිඳු බියක් ඇති නොකළ යුතු බවත් ඔවුන් සියල්ලම ආරක්ෂක හා සෞඛ්‍ය අංශ මගින් සියලුම ආරක්ෂාකාරි පියවරවල් ගෙන ඇති බවත් ඔවුන් ඇසුරු කළ සමිපතයන් වලලු ආකාරයට සොයා බැලිම් කර ස්වයං නිරෝධායනයකට ලක් කරන ලබන බවද ඒ මහතා පැවසුවේය.
මෙම හමුදා සෙබලුන් මේ තත්වයට පත්වි ඇතිතේ කොරෝනා රෝගින් ස්ව්යං නිරෝධායනයකට ලක් කිරිමට ගොස් ඇති අවස්ථාවේදි වෛරසය ආසාධනය විම නිසා බවත් එමනිසා ජනතාවට සේවය කිරිම සඳහා ගොස් සිටි හා සිටින හමුදා සෙබලුන් දෙස කාරුණිකව සැලකිය යුතු බවත් ඔහු පැවැසීය.
නිවාඩු ලැබ පැමිණ සිටින මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ සාමජිකයින්ට සිංහ රෙජිමේන්තු මූලස්ථානය වෙත වාර්තා කරන ලෙස කළ දැනුම් දීමට අනුව පැමිණි යුද, ගුවන් හා නාවික හමුදා සාමාජිකයන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඔවුන් සේවය කරන කඳවුරු වෙත ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසූ බව යුද හමුදාවේ මධ්‍යම පළාත් ආඥාපති මේජර් ජනරාල් සෙනරත් බණ්ඩාර මහතා පැවසුවේය.