සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දෙසැම්බර් 07 වැනිදා නැවත ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියි.
පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ඇරඹෙන්නේ දින 22 කට පසුවයි.
බොරතෙල් ගෙන්වීම නතර කිරීමට රජය තීරණය කිරීමත් සමග තෙල් පිරිපහදුව පසුගිය නොවැම්බර් මුල් සතියේ නතර කරනු ලැබීය.