ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයෙන් පමණ ක් වාර්ෂිකව ෂොපින් බෑග් බිලියනයක් පරිසරයට මුදා හරින බවත්, එමෙන්ම ලන්ච් සීට් දිනකට මිලියන 10ක් පරිසරයට මුදා හරින බවත් පරිසර අමාත්‍ය මහින්දඅ මරවීර මහතා පැවසීය.
ජගත් මිහිතල දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව එක්ව සංවිධානය කරන ලද වැඩ සටහනක් අද දින (22) පෙරවරුවේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත්විනි. එම උද්‍යානය තුළ අපේ රටේ වඳ වෙමින් යන දුර්ලභ පලතුරු ඇතුළත් පලතුරු උයනක් ස්ථාපිත කිරීම අද දින පෙරවරුවේ දී සිදු කෙරිනි.
“අද බොහෝ දෙනෙක් සිතන්නේ පරිසරය සුරැකීම යනු ගස්වැල් රෝපණය කිරීම පමණයි කියායි. නමුත් අද මුලු ලෝකයටම බරපතල තර්ජනයක් ප්ලාස්ටික් හා පොලිතීන් මගින් එල්ලවෙනවා. ලෝකයෙන්ම ලන්ච් සීට් පාවිච්චි කරන එකම රට අපේ රටයි. අපේ රටේ ජනගහනය මිලියන 21ක්. දිනපතා ලන්ච් සීට් මිලියන 10ක් අපේ රටේ ජනතාව විසින් පරිසරයට එක් කරනවා.
ඒ වගේම ෂොපිං බෑග් වසරකට බිලියනයක් අපේ පරිසරයට මුදාහරින බව සුපිරි වෙලෙඳසැල් ජාලය තහවුරු කරනවා. ඒ කොයි හැටි වුනත් අවසානයේ මේ සියල්ල එක්වෙන්නේ අපේ ගංගා ඇලදොළවලට. අවසානයේ මහා සාගරයට. ඒ නිසා මිහිතලය සුරැකීම සඳහා අපි හැම දෙනාටම විශාල වගකීමක් තිබෙනවා. අපි අරඹන ලද හුස්ම දෙන තුරු වැඩ සටහන යටතේ රුක් රෝපණය කරනවා. ඒ වගේම නීතියක් නොව විනයක් වැඩ පිළිවෙළ යටතේ ඉවත ලන කාබන් පෑන් හා දත් බුරුසු එකතු කිරීමට අපි විශේෂ බහාළුමක් හඳුන්වා දුන්නා.
සමහර විට ඔබ නොදන්නවා වුනත් ඉවත ලන කාබන් පෑන් නිසා විශාල පරිසර හානියක් සිදුවෙනවා. අපේ පාසැල් පද්ධතියෙන් පමණක් දිනකට කාබන් පෑන් කිලෝ ග්‍රෑම් 80-100ක් අතර ප්‍රමාණයක් මුදාහරිනවා. මේවා මගින් සිදුවන පරිසර හානිය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ කතා කරනවා මදි කියළයි මම හිතන්නේ.”