කොවිඩ් මර්දනයට එන්නත්කරණය ඇතුළුව රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය දැනුවත් කරයි.
ජනවාරි මස 28 වන දින ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් තොගය ලැබීමේ සිට මේ දක්වා ලද සියලුම එන්නත් ලැබීම් සහ දිස්ත්‍රික්ක මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙළින් අගෝස්තු මාසය අවසන් වීමට පෙර වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කළ හැකි බවට ජනාධිපවරයා විශ්වාසය පළ කළේය.
එමෙන්ම දළදා පෙරහර මංගල්‍යයට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඇගයීමට ලක්කර ඇති අතර එන්නත්කරණයෙන් දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
බෞද්ධ උපදේශක සභාව ඊයේ (16දා) පස්වරුවේ 11 වෙනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.