මෙරට ජනගහනයෙන් මිලියන 13 කට අධික පිරිසකට අගෝස්තු සහ සැප්තැම්බර් මස අවසන් වන විට එන්නත්කරණය කිරීමට හැකිවනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.
රුපියල් මිලියන හයක වියදමින් මහනුවර කුණ්ඩසාලේ ආසනයේ මුළුවේමුදුන ග්‍රාමය සඳහා යෝජිත ජල යෝජනා ක්‍රමය ආරම්භ කරමින් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අද (11) මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉන් අනතුරුව රට විවෘත කර ආර්ථික පුනර්ජීවයක් ඇති කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවද පැවසීය.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයේ සැලකිය යුතු පිරිසකට ආදායම් ඉපයීම අහිමිවී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ආර්ථිකය නගාසිටුවීම සඳහා රජය කඩිනම් තීන්දු, තීරණ ගනිමින් සිටින බව ද කීවේය.
දුම්බර - එම්. ආර්. ප්‍රදීප්