ස්පුට්නික් වී ඒන්නත ලබාදීමේදී ඒක් මාත්‍රාවක් පමණක් වුවද ලබා ගැනීමට කැමැත්ත ඵල කරමින් අත්සන් ලබා ගත්තේ මාර්ගෝපදේශ අනුව බව සෞඛය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසුවේය.
අද (2දා) සෞඛය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ඒ බව පැවසුවේය.
“මාර්ග උපදේශයේ තිබෙනවා එන්නත් ලාභීන්ව දැනුවත් කරන්න කියලා. ඒ නිසයි ස්පුට්නික් වී එන්නත සම්බන්ධයෙන් සීල් එකක් ගහලා ඒ ගැන දැනුවත් කිරීමක් කළේ. ඒ අනුව ජනතාවගෙන් කැමැත්ත ඵල කිරීමේ ප්‍රකාශයට අත්සන් ලබා ගත්තේ.
මේක වෙනත් එන්නත් වලදීත් කරනවා. සායන වලදී දෙමාපියන්ගෙන් අත්සන් ගන්නවා ළමයින්ට විදින එන්නත් වලදී. ඒ වගේම රෝහල් වලදීත් ඒ ක්‍රමවේදය කරනවා. කෝවිඩ් එන්නත් වලට තියෙන්නේ හදිසි භාවිතයක් සඳහා භාවිතයට පමණයි.
එන්නතෙන් එන්නතට ලබා දෙන කැමැත්ත ඵල කිරීමේ ප්‍රකාශ වෙනස් විය හැකියි. මේ එන්නත් ලබා ගැනීමේදී ඒ ගැන ලබා ගන්නා පුද්ගලයාව දැනුවත් කිරීමක් මේ සිද්ධ වෙන්නේ.
සීල් එක ගහලා පළමු මාත්‍රාවට කැමැත්ත ගත් අයටත් පසු කාලීනව දෙවෙනි හො තෙවන සිව්වැනි ලෙස මාත්‍රාවන්ද ලබා දිය යුතුයැයි නිර්දේශ කළොත් ඒ අදාල මාත්‍රාවන් ලබා දීම සිදු කරනවා.
විද්වත් කමිටුවෙන් තමයි අවසන් තීරණ ගන්නේ. නමුත් විවිධ අය ප්‍රකාශ නිකුත් කරන්න පුලුවන්. නමුත් නිර්දේශ අනුව තමයි එන්නත් කරන කටයුතු සිදුවෙන්නේ.”