චන්ද්‍ර සාම්පල ඉතා සාර්ථක ලෙස එකතු කරගත් චීන අභ්‍යවකාශ යානය ඊයේ (03දා) දිනයේ අග භාගයේදී සඳ පෘෂ්ඨයෙන් ඉහළට පැමිණි බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය නිවේදනය කරයි.
ඒ අනුව වෙනත් ග්රහලේකයක සිට ගුවන් ගත වූ පළමු චීන අභ්‍යවකාශ යානය බවටද මෙය නියෝජනය කරයි.
ඕබිටර්, ලෑන්ඩර්, ඇසෙන්ඩර් සහ රිටර්නර් ලෙස යානා පද්ධතියකින් සමන්විත චීනයේ චැන්ග් -5 අභ්‍යවකාශ චන්ද්‍රිකා මෙහෙයුම නොවැම්බර් 24 වැනි දින දියත් කරන ලද අතර එහි ලෑන්ඩර්-ඇසෙන්ඩර් යානා දෙසැම්බර් 01දා සඳ පෘෂ්ඨය මතට පැමිණුනි.
සාම්පල එකතු කර මුද්‍රා තැබීමෙන් පසුව, චැන්ග් -5 හි ඇසෙන්ඩර් යානය චන්ද්‍ර පෘෂ්ඨයෙන් ඉවත් වූ අතර, එය චන්ද්‍ර කක්ෂයේ ඇති රිටර්නර් යානය හෙවත් නැවත පෘථිවිය බලා පැමිණෙන යානය සමග සම්බන්ධ වීම පෙර නොවූවිරූ ජයග්‍රහණයක් බව කියැවෙයි.
චැන්ග්-5 යනු චීන අභ්‍යවකාශ ඉතිහාසයේ වඩාත්ම සංකීර්ණ හා අභියෝගාත්මක මෙහෙයුම්වලින් එකක් වන අතර වසර 40කට වැඩි කාලයක් තුළ ලොව ප්‍රථම සඳ නියැදි එකතු කිරීමේ මෙහෙයුමද වේ.