කොවිඩ් 19 වසංගතයට එරෙහිව හදිසි භාවිතය සඳහා චීනයේ සිනෝෆාම් එන්නතට තව දින දෙක තුනකින් අනුමැතිය ලබාදීමට හැකිවෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ප්‍රකාශ කළ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාව සතුව මේ වන විටත් පවතින සිනෝෆාම් එන්නත් ලක්ෂ 6ක තොගය භාවිතයට ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.