චීනයේ සීනෝෆාර්ම් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ් 19 එන්නත ලෝකය පුරා හදිසි භාවිතය සඳහා අවසර ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙ.
කොවිඩ් වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාගත් පළමු බටහිර නොවන රට වන්නේ චීනයේ මෙම සිනෝෆාම් එන්නතයි.
චීනය දැනටමත් මෙම එන්නත සිය රටවැසියන් වෙනුවෙන් ලබාදෙන අතර තවත් රටවල් 50කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් මාත්‍රා මිලියන ගණනක් අපනයනය කර ඇත.
මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත්තේ ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, ජොන්සන් සහ ජොන්සන් සහ මෝඩර්නා විසින් නිපදවන ලද එන්නත් පමණි.
නමුත් විවිධ රටවල තනි සෞඛ්‍ය නියාමකයින් - විශේෂයෙන් අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ ආසියාවේ ඇතැම් රටවල් හදිසි භාවිතය සඳහා චීන එන්නත සිය රටවල් මට්ටමින් අනුමැතිය දී තිබේ.
මෙම එන්නත වයස අවුරුදු 18 සහ ඊට වැඩි අයට එන්නත මාත්‍රා දෙකකින් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබේ.
චීනයේ තවත් එන්නතක් වන සීනෝවාක් එන්නත පිළිබඳවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නිකුත් කිරීමට නියමිත අතර රුසියාවේ ස්පුටිනික් එන්නත තවමත් තක්සේරු කරමින් පවතී.