සිනෝෆාම් එන්නත් ශ්‍රී ලංකාවේදී නිපදවීම සඳහා මෙන්ම එන්නත් ලංකාවට ඉක්මනින් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම අවස්ථාවට ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් එක්ව තිබේ..
ශ්‍රී ලංකාවේ ඉල්ලීම් සම්බන්ධයෙන් චීනය වැඩි අවධානයක් ලබාදී ඇති බව සාකච්ඡාවෙන් අනතුරුව ට්විටර් පණිවිඩියක් යොමුකරමින් තානාපති කාර්යාලය සඳහන් කළේය.