මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට සෙනසුරාදා දිනවල නඩු කටයුතු කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් සලකා බැලීමට නොහැකි වූ පෙත්සම් මෙලෙස මැයි මස 30 වන සෙනසුරාදා සහ ජූනි මස 13 සෙනසුරාදා දිනවලදී ද කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
පසුගිය මාර්තු මස 23 දින සිට මැයි මස 06 දින තෙක් අතපසු වී ඇති නඩු කටයුතු මේ අනුව කැදවීමට නියමිතයි.