ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දී ඉදිරි මැතිවරණ සඳහා 'සන්ධානයකින්' තරග කරමු යැයි තම පාර්ශ්වය යෝජනා කරන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ජනාධිපතිවරණයකදී පක්ෂය හෝ ලකුණ කිසිසේත් වැදගත් නොවන අතර, වැදගත් වන්නේ පුද්ගලයා හා ප්‍රතිපත්ති පමණක් වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එහෙත් ඉදිරි මැතිවරණ සඳහා සන්ධානයක් හරහා පොදු ලකුණකින් තරග කළ යුතු බවට වන ස්ථාවරයේ තම පාර්ශ්වය සිටින බවද කීය.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී අද (09දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින්,