සේනා දළඹුවාගෙන් සමස්ත බඩ ඉරිඟු වගාවේ 5% හානියක් සිදු වි ඇති බවත් , බඩ ඉරිඟු වගාවෙන් හානියට පත් ගොවින්ට වන්දි ගෙවිමට රජය සුදානම් බවත් කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පවසා සිටියේ අද (02) දින නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදිය.
“මේ පාර බඩ ඉරිඟු වගාවේ හොඳ අස්වැන්නක් ලැබිලා තියෙනවා. හෙක්ටයාර් එක්ලක්ෂ පනස් දහසක් පමණ වගාකරන්න කටයුතු කරලා තියෙනවා ගොවින් විසින්.
බලාපොරොත්තු නොවු පරිදි සේනා දළඹුවා බඩ ඉරිගු වගාවට බාධා එල්ල කරලා තියෙනවා.
කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට තාක්ෂණ නිලධාරින් සම්බන්ධ කරගෙන ගොවින් දැනුවත් කරලා, අවශ්‍යය නාශක ද්‍රව්‍යය ටික දිලා මේක පාලනය කරගන්න යම්තාක් දුරට කටයුතු කරලා තියෙනවා.
සමස්ත හානිය වගාවෙන් 5% පමණ තමයි සිදු වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි පරික්ෂණ පවත්වලා හානියක් සිදු වෙලා තියෙනවා නම් ඒ සඳහා වන්දි ගෙවන් අපි කටයුතු කරලා තියෙනවා.
සේනා දළඹුවාගේ බලපැම නතර කිරිමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සහ රජය හැටියට කටයුතු කරගෙන යනවා.
අපිට කිසිදු අවශ්‍යතාවයක් නැ බඩ ඉරිගු ආනයනය කරන්න , මේ කන්නයේ හොද බඩ ඉරිගු අස්වැන්නක් තියෙනවා යනුවෙන් පැවසිය.”