Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
සේනා දළඹුවා සම්බන්ධයෙන් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මෙය පිටරටින් ආහාර ගෙන්වා ගැනීම සඳහා කෘෂිකර්මය විනාශ කිරීමට කාගේ හෝ කුමන්ත්‍රණයක්ද යන්න සැක හිතෙන බව හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි .
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ 20 වනදා පෙරවරුවේ බෙලිඅත්ත ගලගම මැද්දදෙණිය ශ්‍රී ශෛයිලාරාම පුරාණ ලෙන් විහාරයේ අභිනව වාහල්කඩ හා බුදුපිළිම වහන්සේ නිරාවරණය කිරිමේ උත්සවය සඳහා සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කීපයක් සඳහා පිළිතුරු ලබා දෙමිනි .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ''දෙමල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද තම පක්ෂය පෙනී සිටින බවයි. එමෙන්ම මේ ආණ්ඩුව අධ්‍යාපනයට වියදම් කරනාවයි කිව්වට අධ්‍යාපනයේ පහසුකම් කප්පාදු කරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වන බවද මෙහිදී කියා සිටියේය .
රාහුල් සමන්ත
popular news
Champa Sunday, 20 January 2019 07:35 PM
''දෙමල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද තම පක්ෂය පෙනී සිටිනවා." අපේ පක්ෂය කිව්වේ කොයිකටද? ශ්‍රී ලංකා එකද? පොහොට්ටුවද? පොහොට්ටුව නම් මෙච්චර කල් මිනිස්සු නොදැන හිටි පොහොට්ටුවේ ප්‍රතිපත්ති දැන් දැන් එලියට එනවා. බැසිල් මම කලින් අහල නැති පත්තරේකට කියල තිබුන එයා ජතිකත්වවාදයට සම්පූරනයෙන්ම විරුද්ධයි කියල. තව කියල තිබුන දෙමල ජනතාවට ප්‍රශ්න තියෙනව (හැමෝම වගේ එයත් කියන්නේ නැහැ මොනවාද කියලා) ඒ හින්ද බලය පුළුවන් තරම් බෙදන්න ඕනේ කියලා. දැන් මහින්ද වටේ ඉන්න ජතිකත්වාදියෝ හැමදුරුවරු එහෙම ජාතිකත්වය ඇත ඇරලා බැසිල්ගේ පොහොට්ටුව දිනවල ප්‍රභාකරන්ටත් බැරි වෙච්ච, ඉන්දියාව සහ ජාත්‍යන්තරයට තවමත් ඕනේ වෙච්ච විදිහට රට තුනට කඩලා බැසිල් කියන විදිහට බලය බෙදල දෙනවද? ලංකාවේ ඉන්න ලොකුම ඉන්දියන් ගත්ත බැසිල්. පැහැදිලිවම කියන්න ඕනේ, රටට ආදරේ නම් බැසිල්ව ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේ යන විදිහට පෙන්නේ මහින්දව පාවිච්චි කරලා පොහොට්ටුව හරහා සිංහලයන්ව ප්‍රාණ ඇපයට අරගෙන බැසිල් රට පාලනය කරන්න හදන්නේ තමන්ට ඕනේ විදිහට කියල. හැබැයි ඕක හරි යන්නේ නැහැ. දැනටම ඒක පෙන්නලා තියෙනව.
Reply : 0 0
Champa Sunday, 20 January 2019 07:58 PM
මෛත්‍රී බැසිල් නාමල්ට ඕනේ විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා දැනටම පෙනුන. මෛත්‍රිපාල සිරිසේනගේ රංගන ජීවිතයේ "විශිෂ්ඨතම රංගනය" තමයි ඔක්තෝබර් 26 ලංකාවම දැක්කේ. හැබැයි ඒ ගොල්ලන්ට ඕනේ විදිහට වැඩේ සිද්ධ වුනේ නැහැ. ඒ මොකොද මහින්ද අගමැති කරපු එක මිනිස්සු පිළිගන්න ලැස්ති වුනේ නැති නිසා. ඒ ගොල්ලන්ට වැරදුනේ සිංහලය කියන්නේ කවුද කියල තාම දන්නේ නැති නිසා. මං හිතන්නේ මහින්ද ඇර මේ ගොල්ලෝ විජය හොරාගෙන් පැවතෙන අය. ඒ මොකොද සිංහල ජාතිය කියන්නේ බඩගින්නේ හිටියත් අනුන්ගේ ඉඳුල් කන ජාතියක් නෙමෙයි. රටේ අගමැතිකම වුනත්, දුන්නේ ඉඳුල් අතකින් හින්දා මිනිස්සු කැමති වුනේ නැහැ. එදා පොළොවටම වැටුණු යූඑන්පී එකට උසාවි යන්න හයියක් ආවේ ප්‍රීති ඝෝෂා වෙනුවට දැක්ක මිනිස්සුන්ගේ නිශ්ශබ්දතාවය. ඒ හින්ද අර ගොල්ලන් හිතපු විදිහට වැඩ සිද්ධ වුනේ නැහැ. එකක් හැර. මහින්දව සිරිසේනගේ ප්‍රාණ ඇපකාරයෙක් කර ගැනීම. කලින් කියපු දෙයක් නැවත කියනව. ඊළඟ ජනාධිපති එන්නේ පොහොටුවෙන් නෙමෙයි. කොන්ද පණ තියෙනව නම් ඉන්දියන් ගැති බැසිල්ගේ සිංහල ජාතිකත්ව විරෝධී, රනිල්ටත් එහා ගිහින් රට බෙදන ප්‍රතිපත්තියක් තියෙන, පොහොට්ටුව සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.
Reply : 0 0
Champa Sunday, 20 January 2019 09:03 PM
දෙමල අයිතිවාසිකම් කියලා අමුතු ජාතියක් නැහැ. ඔවුන්ට රටේ හැම තැනම ජීවත් වෙන්න, ආගම අදහන්න, ව්‍යාපාර/රැකියා කරන්න, ඉගෙන ගන්න නිදහස තියෙනවා. සිංහලයටයි එහෙම නැත්තේ. ලංකාවේ පළාත් 9න් 2කකම සිංහලයට නියම අයිතිවාසිකම් නැහැ. ගිය අවුරුද්දේ උතුරේ පන්සලකට බුදු පිළිමයක් ගෙනියපු පිරිසකට ඒ පිළිමේ ගෙනියන්න ඉඩ දුන්නේ නැහැ. අන්තිමට බුදු පිළිමේ පොලිසියේ තිබ්බ. පාර වල තියෙන පිළිමත් අයින් කරනවා. දේශපාලකයෝ ප්‍රශ්නේ හරියට තේරුම් අරන් නැහැ. පහල කතාව මම ඉස්සර CT එකට ලියල ඇහැව්වා. උත්තර නැහැ. බලන්න. දෙමල දේශපාලකයෝ සහ දෙමල උගත්තු රටේ බහුතරයකගේ භාෂාව වන "සිංහල භාෂාවට" විරුද්ධයි. මුස්ලිම් දේශපාලකයෝ සහ මුස්ලිම් ආගම්වාදියෝ රටේ බහුතරයකගේ ආගම වන "බුද්ධාගමට" විරුද්ධයි. නමුත් මේ දෙගොල්ලොම ඉංග්‍රීසි භාෂාවට සහ ක්‍රිස්තියානි ආගමට විරුද්ධ නැහැ. දෙමල මුස්ලිම් දෙකම බටහිර රටවල පුරවැසිභාවය ගන්න ඒ රටවල බහුතර භාෂාවන් වන ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, නෝර්වීජියානු, ෆීනිෂ්, ස්වීඩිෂ්, ඩේනිෂ් භාෂා ඉගෙන ගන්නවා. ඒ රටේ ජාතික ගීය ඒ භාෂාවෙන් ගායන කරනවා. ඒ රටේ ජාතික කොඩියට ගරු කරනවා. ලංකාවේදීත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. හැබැයි සිංහල ඉගෙන ගන්නේ නෑ
Reply : 0 0
Champa Sunday, 20 January 2019 09:22 PM
දෙමල ජාතිකයන්ට සුද්දගේ ආගම සහ සුද්දගේ භාෂාව ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි කතවක් නැතුව ඉගෙනත් ගන්නවා. දෙමල ජාතිය කියන්නේ කවදාවත් සතුටු කරන්න පුළුවන් ජාතියක් නෙමෙයි. දෙන්න දෙන්න තව ඉල්ලනවා. දුන් දේ ගැන නොකිය නොදුන් දේ ගැනම කියනවා. හේතුව ඔවුන්ට සිංහලයන් එක්ක ඉතිහාසගත වෛරයක් තිබීම. අපිට නිදහස ලැබෙන කොට, නිදහස් අරගලයේ පූර්වගාමියෙක් කියලා අපි සමාජ අධ්‍යනයට ඉගෙන ගත්ත දෙමල ජාතිකයෙක් එංගලන්තෙට ගිහිල්ලත් ඔවුන්ට බලය ඉල්ලුව. නමුත් ඉංග්‍රීසි ආණ්ඩුව දුන්නේ නැහැ. අපිට නිදහස දෙන ගමන්, නැව් සියක් පුරෝලා රටේ සම්පත් මුතු මැණික් රන් රිදී දියමන්ති ලෝහ වානේ පිත්තල තඹ භාණ්ඩ ආභරණ පලිඟු වටිනා රෙදිපිළි චිත්‍ර රන් රිදී ප්‍රතිමා ඉපැරණි පුස්කොල පොත් පුරා වස්තු සියල්ල බ්‍රිතාන්‍යට ගෙනිහින් අපිව දුප්පත් රටක් කරත් ඉංග්‍රීසි ජාතිකයෝ සිංහලයන්ගෙන් ගත්ත රට සිංහලයටම දුන්න. දෙමල ජාතිකයන්ට ප්‍රශනයක් තියෙනව කියල හෝ රටේ පළාතක් වෙන් කරගන්න අයිතියක් තියෙනව හෝ කියල පිළිගත්තේ නැහැ. ඒකයි ඇත්ත කතාව. නමුත් දුක් විඳින සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ජාති ආගම් භේදයක් නැතුව කරන්න දෙයක් තියෙනව. හැම දුප්පතටම පොදු ප්‍රශ්නේ එතනින් ඉවර වෙනවා.
Reply : 0 0
chathuri Sunday, 20 January 2019 11:02 PM
පුදුම. කතා. කියන්නේ. සේනා දලබුව ගැන සැකයි. එකටත් ආණ්ඩුව. සැකයිලු , කොයි තරම් බුදුන් වැන්දත්. පොඩි දේටත් ගිනිතියන්න පුළුවන්. පිටරටින් එන. එළවලු. පලතුරු. සමග මේ. කියන. දලබුව එන්න. ඇති. බොරු. කතා හදමින් මිනිසුන්ව උසි. ගන්වන්න. එපා. තමන්. පරදෙන්න. හේතුවත්. මේකයි. නොසැලකිල්ලෙන් රට. කරපු. නිසා. මත් ජාවාරම්. කරුවෝ ,මහා. පරිමාණයෙන්. වැඩ කරන්න ගත්තේ. කාගේ. කලේද . දැන්. හැමදේම. පෙන්නේ. වැරදියට , අගමැතිකම බාර දෙනකොට. හිතුවේ. නැහැ මේක. සමුපුර්ණ. වැරදි. ක්‍රියාවක්. කියල නේද . හොදින් හරි. නරකින්. හරි බලයයි ඕන.
Reply : 0 0
rocky Monday, 21 January 2019 06:10 AM
ඇත්ත වශයෙන්ම මේ උවදුර රජර්ය අමාරුවේ දැමීම සඳහා පොහොට්ටුවන් විසින් යොදන ලද " චීන උපායක්" හැටියට සැක කරන්න පුළුවනි! ඔබට වුවමනා කරන්නේ කෙසේ හෝ රජය පෙරලා දමා ඔබටත් ඔබේ හෙන්චලාටත් එරෙහිව ඇති අපරාධ නඩු වලින් nidahas weema bawa rahasak nove.
Reply : 0 0
Sandu Monday, 21 January 2019 09:03 AM
මේ මනුස්සයා නම් පුදුමාකාර මනුස්සයෙක්. මිනිස්සුන්ගෙ හිත්වල බොරුව , සැකය, ක්‍රෝධය වපුරන්න ඒකෙන් බලය ඩැහැගන්න උපන් මිනිහෙක්. අප්පිරියයි මේ මිනිහගෙ වැඩ. හිතේ යන්තමට හරි ඉතුරු වෙලා තියෙන ගරුත්වයත් නැතිවෙලා දැන්නම්...
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd