'සේන' දළඹුවා සම්පූර්ණයෙන්ම ක්ෂණික මර්දනය කිරීමට දේශීය වෛද්‍යවරුන් නිෂ්පාදනය කළ දළඹු මර්දන නාශකය හෙට (25දා) සිට ඕනෑම ගොවියෙකුට ලබාදෙන බව ජනතා ක්‍රියාකාරී පෙරමුණ සඳහන් කරයි.
අදාළ ද්‍රව්‍යයන් ලබාදීම හා ඒවා ආසන්න ප්‍රධාන නගරයට ප්‍රවාහනය කර දීම සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුකරන බවද එම සංවිධානයේ මහලේකම් සුරේෂ් කරුණාතිලක මහතා සඳහන් කළේය.
සිදුකළ පර්යේෂණවලට අනුව දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී කෘමි නාශකය තුළින් දළඹුවා සහ සලඹයා කීට අවස්ථා සියල්ලම විනාශ වී යන බවට තහවුරු වී තිබෙන බවද හෙතෙම කියා සිටියේය.
කුලියාපිටිය අවට ජනතාවට 'ජීවරංග වෙදමැදුරට' හෙට (25දා) සිට පැමිණ දළඹු නාශකය ලබාගත හැකි බවත්, අක්කරයක වගාවකට ලීටර 45ක් අවශ්‍ය වන බවත්, ලීටර් 45ම නොමිලේ ලබාදෙන බවත් ඒ මහතා කියා සිටියේය.
දුර ප්‍රදේශවල සිටින ගොවි ජනතාවට ගොවි සංවිධාන මගින් 077-7463514 යන දුරකථන අංකයට කතා කිරීමෙන් ආසන්න නගරයට දළඹු මර්දන නාශකය නොමිලේ ගෙන්වා ගැනීමට හැකියාව තිබෙන බවත්, එහිදීද දළඹු මර්දන නාශකයට මුදල් අය නොකරන බවත් ඔහු සඳහන් කළේය.