සීනි බදු මුදල් වලින් සිදු කළ වංචාව රු කොටි 1590 ක් බවත් , එය නෙළුම් කුළුණ ඉදි කිරිමට ගිය මුදලට වඩා සුළු අඩුවක් බව කුරුණැගල දිස්ත්රික් පා.ම (සමගි ජන බලවේගය) නලින් බණ්ඩාර මහතා පැවසිය.
නලින් බණ්ඩාර මන්ත්රිවරයා ඒ බැව් කියා සිටියේ මස්කෙලිය ආසනයේ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය (11) දින ගිනිගත්හේන ප්රදේශයේදි විවෘත කිරිමෙන් පසුව පැවති ජන හමුවේදිය.
මේ රටේ සිනි බදු මුදල් වලින් සිදු කල වංචාව බැදුම්කර සොරකමට වඩා වැඩි බවත්,වත්මන් රජය පිහිටුවිමට සහයෝගය ලබාදුන් සියළු දෙනාට මේ වන විට රජය එපා වි ඇති බවත් නලින් බණ්ඩාර මන්ත්රිවරයා කියා සිටියේය.