ඉහළ දැමූ සීනි බද්ද පහත දමා ජනතාවට සහනයක් ලබා දෙන ලෙස හෙට (20දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව සීනි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
සීනි කිලෝවකට පැවැති බද්ද රුපියල් 15කින් ඉහළ දැමීමෙන් හා ඩොලරය ඉහළයෑම නිසා සීනි කිලෝවකට අයකරන බද්ද රුපියල් 31 සිට රුපියල් 49 දක්වා ඉහළ ගොස් තිබෙන බවද එම සංගමයේ උපසභාපති හේමක ප්‍රනාන්දු මහතා අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සීනි මිල ඉහළ යෑමෙන් ලොසින්ජරයේ සිට බේකරි නිෂ්පාදන දක්වා ආහාර ද්‍රව්‍ය අතිවිශාල ප්‍රමාණයකට බලපෑම් එල්ල වන නිසා මෙම ඉල්ලීම සිදු කරන බවද හෙතෙම කියා සිටියේය.