ඉකුත් 6 වෙනිදා ජාඇල සුදුවැල්ලේදි පිසිආර් පරික්ෂණයට ලක්කොට ඕලිවිල් නාවික හමුදා නිරෝධායනට ඇතුලත් කර පිරිස අතර සිට එහිදි කොරෝනා ආසාදනය වු බවට ප්‍රතිකාර සඳහා අම්පාර ඉරණවිල රජයේ රෝහලට ඇතුලත් කර සිටි රෝගියෙකු සුවවි අද ජාඇල සුදුවැල්ලේ පිහිටි ඔහුගේ නිවසට කැඳවාගෙන ආබව මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.
කෝව්ඩ් වෛරසයට ආසාදනය වි සුවවි ආ සුදුවැල්ල ගමේ පදිංචිකරුවෙකු 28 හැවිරිදි තරුණයා තවත් දින 21 ස්වයං නිරෝධායනය සඳහා ඔහුගේ නිවසේම රඳවා තැබිමට කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.