ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ සිට ඔලිවිල් නිරෝධායතන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටියේදී කෙරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ප්‍රථිකාර සඳහා රෝහල් ගත කර සිටි 32 හැවිරිදි එක් දරු මවක් සහ 28 හැවිරිදි තරුණයෙකු සුවවී පසුගිය 27 සහ 28 දින දෙක තුළ සුදවැල්ල තම නිවෙස් වෙත පැමිණ ඇති බව ජාඇල මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතා පැවසිය.
සුවවී පැමිණ ඇති අයගෙන් තරුණයා හලාවත ඉරණවිල කොරෝනා රෝගි ප්‍රථිකාර මධ්‍යස්ථානයේත් එක්දරු මව කොළඹ අයි.ඩි.එචි රෝහලේත් ප්‍රථිකාර ලබා ඇත.
මේ දෙදනා ඔලිවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටියේදි මුලින්ම කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වු ජාඇල සුදුවැල්ලේ කණ්ඩායාමට අයත් වු සය දෙනා ගෙන් දෙදෙනෙකු බවද මහජන සෞඛ්‍ය පරික්ෂ වරයා පැවසිය.
සුවය ලැබු රෝගින් දෙදෙනා තවත් දින 21 ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සෞඛ්‍ය බලධරයන් විසින් කටයුතු යොදා ඇත.
ජා ඇළ තිස්ස කොටින්කඩුව