මසක් පමණ කාලයක් අඛණ්ඩව වසා දමා ඇති කොරෝනා රෝගීන් පොකුරු ස්වභාවයෙන් හමුවු ජා-ඇල සුදු වැල්ල ගම්මානය තවදුරටත් වසා දෑමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙන බව ජා-ඇල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසයි.
ජා-ඇල සුදු වැල්ල ගම්මානය තුළින් පසුගිය දිනවල දී පොකුරු ස්වභාවයෙන් කොරෝනා ආසාදිතයින් හමුවු අතර ඔවුන්ට දිවයිනේ රෝහල් කිහිපයකදී ප්‍රතිකාර ලබාදෙනු ලැබුණි.
සුදු වැල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කර පුද්ගලයින් ඇසුරුකරන තිබීම නිසා එම ප්‍රදේශ වලින්ද කොරෝනා ආසාදිතයින් වාර්තා විය.
පසුගියදා සති දෙකක පමණ කාලයක් තුළ එම ගම්මානයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවුවද, ගම්මානයෙන් කොරෝනා අනතුර සම්පූර්ණයෙන්ම පහව නොගිය තත්ත්වය මත තවදුරටත් සුදු වැල්ල ගම්මාන වසා දැමීමට සිදු වන බවද ජා-ඇල මහජන සෞඛ්‍ය නිලධාරීවරයා පවසා සිටියේය.
ඔහු තවදුරටත් පවසා සිටියේ සුදු වැල්ල ගම්මනය විවෘත කල හැකි දිනයක් නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවයි.
ජා-ඇල ප්‍රසංග පෙරේරා