ජනපති මාධ්‍ය අධ්යක්ෂ ධුරයට පත්වූ සුදේව හෙට්ටිආරච්චි හා ජනපති මාධ්‍ය ප්‍රකාශක ධුරයට පත්වූ කිංග්ස්ලි රත්නායක මහතා සම්බන්ධයෙන් ජනමාධ්‍ය පිළිබඳ ආචාර්ය රංග කලංසූරිය මහතා සිය ෆේස් බුකු ගිණුමෙන් සටහනක් තබා තිබේ.
රංග කලන්සූරිය මහතා පසුගිය රජය සමයේදී රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කළේය.
මේ ඔහුගේ සටහනයි.
මාධ්‍යයේ මේ පතාකයන් දෙදෙනාගෙන් තවදුරටත් මාධ්‍යකරණයක් බලාපොරොත්තු වීම වරදක්. ඔවුන් මේ අලුතෙන් බාරගන්නෙ මාධ්‍ය ජොබ් එකක් නෙමෙයි. Spin Doctor ජොබ් එකක්. මමත් ඔය ජොබ් එක අවස්ථා දෙකකදීම කළා. හොඳ මාධ්‍යවේදියෙක්ට හොඳ spin doctor කෙනෙක් වෙන්න පුලුවන්. ඒ
කත් හොඳ අත්දැකීමක්. එතන දී න්‍යාය පත්‍රය වෙන්නෙ අපි ජනමාධ්‍යෙය් කතා කරන public interest නෙමෙයි, political interest එක.
හැබැයි ඔතන මාධ්‍යකරණයට එහා ගිය marketing සහ public diplomacy කියන ක්ෂේත්රවල නිපුණතාවකුත් වැදගත් වෙනවා. මම දන්න මගේ මේ සහෝදරයින් දෙන්නාම ඒ වැඩේටත් දක්ෂයි.
හැබැයි අතුරේ යාමක් බවත් මතක තියාගන්න. වැඩේ කරන්න බැහැ කියලා හිතුන දැනුන ගමන් ඉවත් වෙන්න. සුභ පැතුම් මලේ...