සෞදි අරාබියේ අබ්කායික් තෙල් සැකසුම් මධ්‍යස්ථානය සහ කුරයිස් තෙල් ක්ෂේත්රය ඉලක්ක කරගනිමින් එල්ල වූ ගත් ඩ්‍රෝන ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වසර තිහක් ත්‍රස්තවාදයෙන් පීඩා විඳි රටක් ලෙස ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය ලෝකයෙන් තුරන් කිරීම සඳහා සියලු ආකාරයෙන් කැපවී සිටින බව එම නිවේදනයේ දැක්වෙයි.
මැදපෙරදිග ස්ථාවරත්වය ගෝලීය ආර්ථිකයට ඉතා වැදගත් වන බවත් මේ හා සම්බන්ධ සියලුම පාර්ශ්වයන් සාමකාමී සාකච්ඡා හා සංවාද තුළින් ගැටලුවට ඉක්මනින්ම විසඳුමක් සොයා ගනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.