මීරිගම කොටදෙනියාව සතොස වෙළෙඳ සැල මංකොල්ල කා රැස්කර තිබූ භාණ්ඩ තොගයක් කොටදෙනියාව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මීරිගම කොටදෙනියාව දිවුලපිටිය ආදී ප්රදේශවල රාත්රී කාලයේ වෙළෙඳද සැල්වලට ඇතුලු වී සංවිධානාත්මක පිරිසක් භාණ්ඩ සොරකමේ නිරතවී තිබෙනවා.
කොටදෙනියාව සතොස වෙළෙඳසැලද මෙසේ කොල්ලකෑමට ලක්වුණා. එම කොල්ලකරු හා භාණ්ඩ තොගයක් සිල්ලර වෙළෙඳසැලකට අලෙවි කර තිබියදී පොලීසිය සොයාගත්තා.
රුපියල් 50000 ක් පමණ වටිනා මෙම භාණ්ඩ ෙතාගය සිල්ලර වෙළෙඳසැලට අලෙවි කර ඇත්තේ රුපියල් 10000 කට වැනි අඩු මුදලකටයි.