සමුපාකාර තොග වෙළඳ සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබාගැනීම සඳහා ව්‍යාජ ලෙස සකස් කළ උපාධි සහතිකයක් ලබාදුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ස.තො.ස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා (අලෙවි) ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේසත්රාත් සාලිය චන්න අබේරත්න මහතා අද (15දා) නියම කළේය.
ව්‍යාජ සහතික ලබාදී රජයේ රැකියා ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබු සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
ව්‍යාජ සහතික ලබාදී සමුපාකාර තොග වෙළඳ සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියා ඇතුළු විවිධ අන්දමේ රකියා ලබාගත් නිලධාරීන් පිරිසක් සිටින බවට ඉදිරිපත් වු පැමිණිල්ලක් සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරිණි.