ආදායම් අහිමි වීම හේතුවෙන් සත්වෝද්‍යානවල සිටින සතුන්ට කෑම වියදමසොයා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් සත්වෝද්‍යාන වසා තැබීම නිසා මෙරට සියලුම සත්වෝද්‍යාන දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් අමාත්‍යවරයා පැවැසිය.
මේ වන විට සත්වෝද්‍යාන ආරම්භ කිරීමට අදාළව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
“මේකේ ආදායම අහිමිවෙලා තියෙන්නේ. සත්තුන්ට කෑම දෙන වියදමවත් හොයා ගන්න බෑ දැන්. ඒ නිසා අපි මේක විවෘත කරනවා.
ඇතුළු කරන්නේ සෞඛ්‍ය විදිවිධාන අනුව. ඒ වගේම එන්නත ලබාගෙන ඇති අයව තමයි අපි ඇතුළු කර ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේක වහගෙන ඉන්නත් බෑ. අපි දන්නේ නෑ කොවිඩ් වසංගතය ඉවරවෙන්නේ කියලා. රිදීගම සෆාරි එකත් අපි විවෘත කරනවා.“