වාලම්පුරියක් ඇතුළු ඉපැරණි මුදල් කාසි , ඉපැරණි ඉලෙක්ට්‍රොනික් උපකරණ,ඉපැරණි පිළිම මිලදි ගැනිමට පැමිණියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිතාවකපුර ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු ඇතුළු තවත් තිදෙනෙක් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ (21) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් ප්‍රදේශයට පැමිණ එම භාණ්ඩ මිලදි ගැනිමට පිරිසක් සමග සාකච්ඡා කර ඇති බවට ලද තොරතුරක් මත හැටන් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අද දින රාත්‍රි 8.30 ට පමණ හැටන් පැති විදියේ දි සැකකරුවන් සහ ඔවුන් පැමිණි කුඩා වැන් රථය පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔවුන්ගේ ජංගම දුරකතනයේ වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා එම ඉපැරණි භාණ්ඩ වල ඡායාරුප හුවමාරු වි ඇති බවත් , එම භාණ්ඩ සදහා විශාල වටිනාකමක් ඇති බවට එම සැකකරුවන්ගේ දුරකථන වල වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වි ඇති බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් කරන ලද මුලික විමර්ශන වලදි අනාවරණය වි ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තොරතුරු වසන් කරන බවත් , එම සැකකරුවන් අව්ස්සාවේල්ල , හපුතලේ , ඕහිය, වටවල යන ප්‍රදේශවල පදිංචි 25 , 26 , 27, 48 යන වයස් කාණ්ඩවල පසුවන අය බව හැටන් පොලිසිය පැවසිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් (22) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.