ආණ්ඩුව තෙල් මිල සූත්‍රයක් හඳුන්වා දී ඇතැත් තමන්ට ඒය නොතේරෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි. තෙල් මිල වැඩිවීමත් සමග මිල වැඩිකිරීමේ ප්‍රමාණය සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බවත් මන්ත්‍රීවරයා පවසයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ සුභ සාධක සමීති 07 ක් සදහා රුපියල් 300,000 ක් වටිනා උත්සව භාණ්ඩ ප්රදානය කිරීමේ අවස්ථාකට එක්වෙමින්ය.
“දැන් ආණ්ඩුව තෙල් මිල සූත්‍රයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක මට නම් තේරේන්නේ නෑ. තෙල් බැරලයේ මිල වැඩීවීමත් එක්ක, තෙල් මිල සූත්‍රයක් තියෙනවානම් වැඩි වෙන්න ඕනේ. හැබැයි ඒ මිල වැඩිවීමේ ප්‍රමාණය සාධාරණ ද කියලා පොඩි ගැටළුවක් තියෙනවා.
මේ ආණ්ඩුව රාජපක්ෂ කාලේ ප්රෙට්රල් ලීටරයක පනවලා තිබුණු රුපියල් 35 ක බද්ද රුපියල් 12 ට අඩු කරලා තියෙනවා. ඩීසල් වලට තිබ්බ බද්ධ රුපියල් 4 ක අඩු කරලා තියෙනවා. ඒ අනුව තෙල් බැරලයේ මිල වැඩීමක් එක්ක මේ මිල වැඩි කිරීමේ ගාන සාධාරණ කියන සැකයක් පවතිනවා.
නමුත් ඒක හරි වුණත් වැරදි වුණත් මහජනතාව තෙල් මිල හා බඩු මිල වැඩිවීම නිසා විශාල ලෙස පීඩා විදිනවා. ඒ නිසා දේශපාලනය කරන අය තමන්ගේ දේශපාලනයට කලින් තමන්ව පත් කරන ජනතාව ගැන සංවේදී වෙන්න ඕනේ. ඒ නිසා තවදුරටත් බදු අඩු කරලා හරි තෙල් මිල ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය වල මිල අඩු කරන්න ඕනේ කියන අපි විශ්වාස කරනවා.
ඒ නිසා අපි දන්නවා රටේ අවම පඩිය කීයද කියලා. ඒ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන් ආර්ථිකයක් හැදීම ආණ්ඩුවේ වගකීමක්”