සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හරීවි - මැ.කො
- 26 02 2020
- 15:19
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
තවත් සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. විසුරුවා හරින දිනයේ සිට දින 52කුත් දින හැටහයකුත් (66) අතර කාලය තුළ මැතිවරණය පැවැත්විය හැකි බවත්, මේ අනුව අප්‍රේල් 22 සිට මැයි 04 වන දින හෝ එදිනට පෙර දිනයක මැතිවරණය පැවැත්වීමට සිදුවන බවද එම කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය ව්‍යවස්ථාවේ පවරා තිබෙන්නේ ජනාධිපතිවරයාට බවත්, එහෙත් වෙනත් ඡන්ද විමසීම්වලදී මැතිවණ කොමිෂමට දිනය තීරණය කළ හැකි බවත් අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
