පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලිකාරී තත්ත්වය නිසා මෙම සතිය පුරා වැසි හා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට (16දා) දිනයේදී මිලිමීටර් 100ක් තරම් වූ තදවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
සෙසු ප්‍රදේශවලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලිකව සුළඟේ වේගය ඉහළ යා හැකි බවත්, මේ නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
එසේම මෙම සතිය පුරා දැනට පවතින වර්ෂා තත්ත්වය අඩුවෙමින් හා ඉහළ යමින් පැවැතිය හැකි බවද මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.
දකුණු සහ බස්නාහිර මුහුදු ප්‍ර‘දේශවලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල සුළඟේ වේගය තාවකාලිකව පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් පුත්තලම සිට මන්නරම හරහා කන්කසන්තුරය දක්වාත් මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.