මන්නාරම යාපනය ප්රධාන මාර්ගයේ තිරුකේදීස්වරන් ප්රදේශයේදී නීතිවිරෝධීව විදුලි රැහැන් ඇදීමට උත්සහ ගත් දෙදෙනෙකු විදුලිසැර වැදීමෙන් මිය ගොස් සිටියදී 29 දා සවස හමු වූ බව මන්නාරම් පොලීසිය පවසයි.
තිරුකේදීස්වරන් ග්රාමනිලධාරී කොට්ඨාශයේ ප්රධාන මාර් ගයේ තිබූ විදුලි කනුවකින් කම්බි ඇණ ගසා නීතිවිරෝධීව විදුලිය ලබාගෙන අසල පිහිටි කලපු ප්රදේශයට විදුලි රැහැන් අදිමින් සිටියදී විදුලිය කාන්දුවී දෙදෙනාටම විදුලිසැර වැදීමෙන් එම ස්ථානයේම මිය ගොස් ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙළි වී ඇත.
කලපු ප්රදේශයේ වනසතුන් ගැවසෙන බැවින් වනසතුන් දඩයම් කිරීම සඳහා මෙලෙස විදුලි රැහැන් ඇදීමට ගත් උත්සහයකදී විදුලිසැර වැදීමෙන් මෙම පුද්ගලියින් දෙදෙනා මිය ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.