සත්ත්ව ආහාර සඳහා නිකුත් කර තිබූ රුපියල් කෝටි සියයකටඅධික වටිනාකමක් ඇති කිරිපිටි තොගයක් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා සකස් කරමින් තිබියදී පෙරේදා (12දා)අත්අඩංගුවටගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
'මිල්කෝ' ආයතනය විසින් සත්ත්ව ආහාරවලට නිකුත් කර තිබූ මෙම කිරිපිටි තොගය කුලියාපිටිය ප්‍ර‘දේශයට රැගෙන ගොස් කිලෝ 25 මලුවල අසුරා කිරි ආශ්රිත නිෂ්පාදන සඳහා අලෙවිකිරීමට සකස් කරමින් තිබූ බවත්, එලෙස සකස් කළ කිරිපිටි මෙට්‍රික් ටොන් හතළිහකට අධික ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කර තිබූ බවට තහවුරු වී තිබෙන බවත් එම අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ලංකා දික්කුඹුර මහතා සඳහන් කළේය.
කල්ඉකුත් වීම ඇතුළු විවිධ හේතුමත 'මිල්කෝ' ආයතනය මගින් පසුගිය වසරේදී සත්ත්ව ආහාරවලට ඉවත් කරන ලද කිරිපිටි මෙට්‍රික්ටොන් 720කට අධික ප්‍රමාණයක් පුද්ගලයෙකු විසින් මිලදීගෙන තිබෙන බවත්, එම ප්‍රමාණයෙන් මෙට්‍රික්ටොන් දෙසීයක් කුලියාපිටිය ප්‍රදේශයට ගෙනගොස් කල්ඉකුත්වීමේ දින වෙනස් කර වෙළෙඳපොළට නිකුත් කරමින් සිටි බවත් හෙතෙම පවසා සිටියේය.
අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන බැඳුම්කරයක් මත මුදාහැරි බවත්, එම පුද්ගලයාට එරෙහිව මේ මස 18 වැනිදා කුලියාපිටය අධිකරණයේ නඩු පවරන බවත් ලංකා දික්කුඹුර මහතා සඳහන් කළේය.
සත්ත්ව ආහාරවලට නිකුත් කළ රුපියල් කෝටියකට අධික කිරිපිටි තොගයක්, මිනිස් පරිභෝජනය සඳහා අලෙවි කිරීමට සකස් කරමින් තිබියදී පසුගිය 04 වැනිදා වේවැල්දෙණිය ප්‍රදේශයේදීද අත්අඩංගුවට ගත් බව හෙතෙම පැවසීය.
එම කිරිපිටි තොගය ග්‍රෑම් 400 පැකැට් වශයෙන් සකස් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සකස් කරමින් තිබූ බවද ඔහු පවසා සිටියේය.
මේ අතර, පෙරේදා (12දා) අත්අඩංගුවට ගත් කිරිපිටි තොගයේ ඉතිරි කිරිපිටි තොගය අදාළ කර්මාන්ත ශාලාවේදීම විනාශ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවත්, මේවනවිට අත්අඩංගුවටගත් කිරිපිටි තොගය පොලිස් ආරක්ෂාව යටතේ මුද්‍රා තබා තිබෙන බවත් ලංකා දික්කුඹුර මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ 'අද' කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ, සත්ත්ව ආහාරවලට කිරිපිටි නිකුත් කිරීම පිළිබඳ හා එය ලබාදී තිබෙන ආකාරය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කරන බවයි.