කහතුඩුව ඇඟලුම් කම්හලේ කොරෝනා ආසාදිත සාත්තු සේවිකාව සමඟ සමීපව කටයුතු කල පළමු පෙළ ආශ්රිත සේවක සේවිකාවන් 100 හඳුනාගෙන සිදුකළ පි සි ආර් පරීක්ෂණවලින් එම පිරිසට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවට ඊයේ රාත්‍රී ලද වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .
එම සාත්තු සේවිකාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා අනාවරණය වීමත් සමගම පෞද්ගලික රෝහලක ජංගම සංචාරක රථයක් ගෙන්වා සේවක සේවිකාවන් 360 දෙනෙකු උදෙසා පෙරේදා පි සි ආර් පරීක්ෂණ සිදු කිරීමට පාලනාධිකාරිය විසින් කටයුතු කෙරිණි.
කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමගම එම කර්මාන්තශාලාවේ සමස්ත සේවක සේවිකාවන් මුඛ ආවරණ පැළඳ සියලුම ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රම උපයෝගී කර ගැනීමේ හේතුවෙන් කොරෝනා වෛරසය ආසාදිත වූ සාත්තු සේවිකාවගෙන් අනෙක් සේවක සේවිකාවන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට බොහෝ දුරටත් සැක කරන බවත් ,
කෙසේ නමුත් එලෙස පි සි ආර් පරීක්ෂණ වලට භාජනය කළ කිසිදු සේවක සේවිකාවක් සේවයට කැඳවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පාලනාධිකාරිය විසින් දැනුම් දුන් බව කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා පැවසීය
එම සාත්තු සේවිකාව ඉකුත් 3 වෙනි දින දිවුලපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ඉකුත් 16 වැනිදින කොරෝනා මූලික රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය විය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ