සොත්ති උපාලිගේ පුතෙක් අත්අඩංගුවට
- 29 06 2021
- 09:44
- {{hitsCtrl.values.hits}} views
- බිමල් ශ්‍යාමන්
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මියගිය සොත්ති උපාලිගේ පුත්‍රයකු අයිස් මත්ද්‍රව්‍ය සමග බොරැල්ල කාසල් වීදිය සරසවි පටුමගේ දී ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දනය ඒකක නිලධාරීන් සිදුකළ වැටලීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු විසි අටක් වන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බොරැල්ල පොලිසිය වෙත භාරදී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
